ඇමෙරිකානු මරණ 71,000ක් ආසාදිත ලක්ෂ 12 ඉක්මවයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 71,000 ඉක්මවා යමින් අද (06දා) අලුයම 71,031ක් ලෙස සටහන් විය.

ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන පරිදි, ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන්ද ලක්ෂ 12 ඉක්මවා ඇති අතර, එය 1,203,673කි.

ඇමෙරිකාවේ වැඩිම මරණ නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එම අගය 25,124ක් වන අතර, නිව්යෝක් ප්‍රාන්තයේ රෝහල්ගතවූවන් 69,867ක් බව දත්ත පෙන්වා දෙයි.

එරට තුළ මේ වනවිට කොවිඩ්-19 පරීක්ෂණ ලක්ෂ 75ක් ඉක්මවා අවසන් කර ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙයි.



Recommended Articles