ඇමෙරිකානු මරණ 100,000ත් 240,000ත් අතර සිදුවිය හැකිලු


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති දෙකක කාලයක් පුරා 'වේදනාකාරී' සහ 'දැඩි' කාලයක් ගැන ඇමෙරිකානු ජනතාවට අනතුරු ඇඟවා සිටියි.

රට පුරා ජනතාව අතර දුරස්ථභාවය ඇති කරන පියවර ජනාධිපතිවරයා තවදුරටත් කිය සිටියත්, විශේෂඥයන් අනුමාන කරන්නේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් තවමත් 100,000ත්, 240,000ත් පිරිසක් ඇමෙරිකාව තුළ මියයාමේ සම්භාවිතාවක් පවතින බවයි.

කෙසේ වෙතත් වෛරසයේ බරපතලකම අවතක්සේරු කරමින් එක්සත් ජනපදය තුළ එහි ඇති විය හැකි බලපෑම පිළිබඳව පමණක් ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම් තුළ දැක්වුණු බවට චෝදනා නැගෙයි.

ට්‍රම්ප් අඟහරුවාදා පැය දෙකකට වඩා වැඩි කාලයක් කළ මෙම ප්‍රකාශය තුළ දශක ගණනාවකින් පසුව ඇමෙරිකාව තුළ සිදුවූ බරපතල මහජන සෞඛ්‍ය අර්බුදය අවතක්සේරු නොකළ ඔහු, ඒ වෙනුවට ඇමරිකානුවන්ට උපදෙස් දුන්නේ අඳුරු දවස් තව පැමිණීමට ඇති බව පමණක් යැයිද එම චෝදනා නැගෙයි.

"සෑම ඇමරිකානුවෙක්ම ඉදිරියේදී ඇති දුෂ්කර දින සඳහා සූදානම්ව සිටීම මට අවශ්‍යයි. අපි සති දෙකක ඉතා දුෂ්කර කාලයක් ගත කරන්නට යනවා" යැයි ට්‍රම්ප් පැවසීය.

කොරෝනා වෛරසය පිළිබඳව රට පුරා වූ මාර්ගෝපදේශ විධිමත්ව නැවත නිකුත්කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු විසින් මෙම අදහස් දැක්වීම සිදුකරන ලදී.

එහිදී ව්‍යසනය වළක්වා ගැනීම සඳහා දින 30ක සමාජ දුරස්ථභාවයක අවශ්‍යතාව ඉස්මතු වූ අතර, නිව්යෝක් රෝහල්වල තත්ත්වය සහ සියලු දෙනාම මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු කතා කිරීමෙන් පසුව, ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායේ ඉහළ සෞඛ්‍ය නිලධාරීන් විසින් සමාජ දුරස්ථ පියවර මගින් මිලියන ගණනක් විය හැකි මරණ වැළැක්වීමට උපකාරී වන ආකාරය පිළිබඳ ආකෘති ඇසුරෙන් පැහැදිලි කරන ලදී.

එහෙත් භයානක අනාවැකිය ඉදිරිපත් කරමින් වෛද්‍ය ඩෙබොරා බර්ක්ස් පැවසුවේ ෆෙඩරල් මාර්ගෝපදේශ හරියටම අනුගමනය කළත් මරණ 100,000 ත් 240,000 ත් අතර සංඛ්‍යාවක් තවමත් සිදුවිය හැකි බවයි. මෙය වියට්නාම් යුද්ධයේ ඇමරිකානු මරණ සංඛ්‍යාව ඉක්මවා යන අගයකි.

ට්‍රම්ප්ගේ කණ්ඩායමේ තවත් ඉහළ වෛද්‍ය විශේෂඥයෙනු වන වෛද්‍ය ඇන්තනි ෆවුසි මාධ්‍යවේදීන් අමතමින්, "මේ ඉලක්කම ගැන අප සංවේදී වන තරමටම, අපි ඒ සඳහා සූදානම් විය යුතුයි. ඊට වඩා සැලකිය යුතු අඩු මට්ටමකින් එම ඉලක්කම ලබා ගැනීම සඳහා අපි හැකි සෑම දෙයක්ම කළ යුතුයි." යනුවෙන් කියා සිටියේය.



Recommended Articles