ඇමෙරිකානු මන්කිපොක්ස් රෝගීන් තියුණු ලෙස ඉහළට


එක්සත් ජනපදයේ මන්කිපොක්ස් ආසාදිතයන් තියුණු ලෙස ඉහළ යමින් මේ වනවිට, රෝගීන් 11,000කට වඩා වාර්තා වන බවත්, එරට මාධ්‍ය සහ විශේෂඥයන් පැතිර යාම පාලනය කිරීමට බයිඩන් පරිපාලනයේ ප්‍රතිචාරයට දොස් පවරමින් සිටින බවත් වාර්තා වේ.

එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) හි නවතම දත්තවලට අනුව සිකුරාදා වනවිට රට පුරා මන්කිපොක්ස් රෝගීන් 11,177 ක් වාර්තා වී ඇත.

නිව්යෝක් හි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 2,295කි. කැලිෆෝනියාවෙන් 1,945ක් සහ ෆ්ලොරිඩාවෙන් 1,085ක් වාර්තා වී ඇත.

මේ වනවිට ලොව වැඩිම මන්කිපොක්ස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ එක්සත් ජනපදයෙනි.



Recommended Articles