ඇමෙරිකානු භාණ්ඩ සඳහා චීන බදු කතාවෙන් ට්‍රම්ප් තවත් උරණ වෙලා


එක්සත් ජනපදයෙන් ආනයනය කරන ඇ.ඩො.බිලියන 75ක් වටිනා භාණ්ඩ වෙනුවෙන් තීරුබදු 10%කින් වැඩිකිරීමට චීනය තීරණය කිරීමත් සමග ජනපති ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වන බව කියා තිබේ.

චීනයෙන් ඇමෙරිකාවට කරන ඇ.ඩො.බිලියන 300ක් වටිනා ආනයනය වෙනුවෙන් අතමර 10%ක බදු පැනවීමකට ට්‍රම්ප්ගේ සැලසුමට ප්‍රතිචාර ලෙස චීනය මෙය කියා තිබුණි.

චීනය සහ ඇමෙරිකාව අතර ඇතිවී තිබෙන මෙම වෙළෙඳ යුද්ධය හමුවේ ලෝක ආර්ථිකය වෙත දැඩි බලපෑමක් මේ වනවිට ඇතිවෙමින් තිබේ.

විශේෂයෙන්ම, ට්‍රම්ප්ගේ නව බදු පැනවීම් පිළිබඳ ට්විටර් පණිවුඩයත් සමග වෝල්ස්ට්‍රීට් කොටස් වෙළෙඳ පොළ පහළ යෑමක් පෙන්නුම් කර තිබුණි.

ට්‍රම්ප් කියා තිබුණේ චීනය හැර අදාළ නිෂ්පාදන ලබාගැනීම සඳහා වෙනත් විකල්පයක් වෙත යොමුවීමේ අවස්ථාව පැමිණ ඇති බවයි.



Recommended Articles