ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලයක් ඉලක්ක කරමින් තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
ඇනාපොලිස් නගරයේ පිහිටි කැපිටල් ගැසට් පුවත්පතේ කාර්ය මණ්ඩලය මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් සහ දුම් බෝම්බ රැගෙන පැමිණි මෙම ප්‍රහාරකයා එම කාර්යාලයේ වීදුරු දොරවල් අතරින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
කෙසේ වෙතත්, පොලීසිය පසුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු ජාරෝඩ් රාමෝස් ලෙස හඳුනාගෙන ඇත.
මොහුට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් 2012 වසරේදී ඔහු මෙම පුවත්පත සමග නඩු මගට ගොස් තිබුණත්. එම නඩුවිභාගයෙන් ඔහු පරාජයට පත්ව ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න මෙතෙක් පොලීසිය අනාවරණය කර නැත.