ඇමෙරිකානු ප්‍රහාරක යානයක් සිව්දෙනෙකු සමග අතුරුදන්ලු


ආක්ටික් ප්‍රදේශයේ "සීතල ප්‍රතිචාර" නේටෝ අභ්‍යාසය අතරතුර උතුරු නෝර්වේහිදී පුද්ගලයින් සිව් දෙනෙකු සමග එක්සත් ජනපද මැරීන් බළකායට අයත් ප්‍රහාරක ගුවන් යානයක් අතුරුදන්ව ඇති බව නෝර්වීජියානු හමුදාව තහවුරු කරයි.

අනතුරට ලක්විය හැකි ස්ථානයක් සොයාගෙන ඇති අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවාගැනීමේ කණ්ඩායම්වලට ඒ ආසන්නයේ සෝදිසි මෙහෙයුම් සිදුකළ නොහැකි වී තිබේ.

V-22 Osprey යානය පුහුණු මෙහෙයුමක යෙදී සිටි අතර එය සිකුරාදා ප්‍රාදේශීය වේලාවෙන් සවස් කාලයේදී බෝඩෝ හි  ෆෝස්වර්ට් ගුවන් හමුදා කඳවුරට ගොඩබෑමට නියමිතව තිබූ බව නෝර්වීජියානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එහි අවසන් ප්‍රසිද්ධ ස්ථානය වූයේ නෝර්ඩ්ලන්ඩ් පළාතේ කඳු වැටියක් වන සෝල්ට්ෆ්ජෙලට් ය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින පසුබිමක රුසියාවට යම් අනතුරු ඇඟවීමක ස්වරූපයෙන් මෙම යුද අභ්‍යාසය ආරම්භ වූ අතර, එක්සත් ජනපද හමුදා සාමාජිකයන් 1,500ක් සහ තවත් නේටෝ රාජ්‍යයන් 8ක සහ හවුල් රටවල 15,000ක පමණ හමුදාවන් මීට සහභාගි වීමට නියමිතව ඇත.



Recommended Articles