ඇමෙරිකානු දරුවන් මිලියන 12කට කොවිඩ්-19 වැලඳිලා


ඇමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ (AAP) සහ ළමා රෝහල් සංගමයේ නවතම වාර්තාවට අනුව, වසංගතය ආරම්භයේ සිට එක්සත් ජනපදයේ මිලියන 12කට අධික දරුවන් වෙත කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත.

සඳුදා අග ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, පෙබරවාරි 3දා වනවිට දරුවන් ආශ්‍රිත කොවිඩ්‍-19 රෝගීන් 12,042,870 ක් රට පුරා වාර්තා වී ඇති අතර, තහවුරු වූ සියලුම රෝගීන්ගෙන් 18.9%ක් මෙසේ දරුවන් නියෝජනය කර තිබේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය වැඩිවීමේදී එක්සත් ජනපදය පුරා දරුවන් අතර කොවිඩ්-19 ආසාදන වඩා වේගයෙන් ඉහළ ගොස් ඇත.

ජනවාරි මස මුල සිට ළමා රෝගීන් මිලියන 4.2කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. පෙබරවාරි 3න් අවසන් වන සතිය සඳහා අමතර ළමා කොවිඩ්-19 රෝගීන් 632,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වාර්තාවේ දැක්වේ.

එසේම පසුගිය සති දෙක තුළ ළමා රෝගීන් මිලියන 1.4කට වඩා එකතු වී ඇත.

මෙය එක්සත් ජනපදයේ ළමා කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 100,000කට වැඩි පිට පිටම 26 වැනි සතිය සනිටුහන් කරයි. AAP වාර්තාවට අනුව සැප්තැම්බර් මුල් සතියේ සිට අමතර ළමා රෝගීන් මිලියන 7කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.



Recommended Articles