ඇමෙරිකානු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් පසුපස හඹා එන රුසියානු ප්‍රහාරක ජෙට් යානයක එය බිම හෙළීමට කටයුතු කරන ආකාරය දැක්වෙන දසුන් පෙළක් ඇමෙරිකානු හමුදාවේ යුරෝපා විධානය විසින් නිකුත් කර තිබේ.
පෙන්ටගනය තහවුරු කර ඇති මෙම දත්ත අනුව උඩු ගුවනේදී විනාඩි 30 -40ත් අතර කාලයක් මෙම රුසියානු යානය විසින් ඇමෙරිකානු ඩ්‍රෝන යානයට බාධා කිරීම් සිදුකර ඇත.
MQ-9 Reaper ඩ්‍රෝන යානයේ පිටුපස සවිකෙරුණු කැමරාවකින් සජීවීව ලබාගත් දසුන් අතර, ඒ වෙත පැමිණෙන රුසියානු Sukhoi SU-27 ප්‍රහාරක ජෙට් යානය ඩ්‍රෝන යානයට ළංවෙත්ම ඉන්ධන මුදාහැරිමක් සිදුකරන ආකාරය දැකිය හැකිය.
මේ ආකාරයෙන් දෙවරක් රුසියානු ප්‍රහාරක ජෙට් යානයේ බලපෑමට ලක්වූ ඇමෙරිකානු ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටී ඇති අතර, මෙම යානයේ සංවේදී මෘදුකාංග මකා දැමීමට කටයුතු කළ බවද ඇමෙරිකානු හමුදා පවසයි.
කෙසේ වෙතත්, ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නව සිදුවූ මෙම නිරීක්ෂණ ඩ්‍රෝන යෙදවීම යුක්රේන යුද්ධය කෙරෙහි ඇමෙරිකානු මැදිහත්වීම පිළිබිඹු කරන අවස්ථාවක් බව රුසියාව කියයි.