ඇමෙරිකානු ට්‍රක් රථයේ සිටි සංක්‍රමණිකයන් 51ක් මරුට


ඇමෙරිකා එක්සත් ජනපදයේ, ටෙක්සාස් හි සඳුදා සොයාගත් ට්‍රක් රථයක් තුළ සිරවී සිටියදී මියගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙසේ මියගිය පිරිසෙන් 27 දෙනෙකු මෙක්සිකානු ජාතිකයන් බව තහවුරු වූ බව සැන් ඇන්ටෝනියෝ හි මෙක්සිකෝවේ කොන්සල් ජනරාල් රූබන් මිනුටි සනාටා අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. .

මෙක්සිකානු ජාතිකයින් තිදෙනෙකු ඇතුළු තවත් 13 දෙනෙකු රෝහල් ගත කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙක්සිකානු පුරවැසියන් වන සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් එක්සත් ජනපදය නීතිය ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඔවුන් ඇමෙරිකාවේ පදිංචිව සිටි අය බව කියයි.

ට්‍රක් රථය පැදවූ එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස විස්තර කෙරෙන තුන්වන සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට චෝදනා එල්ල කිරීමට අපේක්ෂා කළ නමුත් අඟහරුවාදා සවස වනවිට ඔහු රෝහල්ගතව සිටි බව මෙක්සිකානු නිලධාරියෙකු පැවසීය.



Recommended Articles