ඇමෙරිකානු ජනපති බූස්ටර් මාත්‍රාව ලබාගැනීමට සූදානම්


ඇමෙරිකාව තුළ ආරම්භ වී තිබෙන කොවිඩ්-19 තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ වැඩසටහන යටතේ තමන්ද යම් දිනක තාමගේ අතිරේක ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව එරට ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

"මම මගේ බූස්ටර් මාත්‍රාව ලබාගන්නවා" බයිඩන් ධවල මන්දිරයේ සිට පැවසීය. "මම එය කරන්නේ කවදාදැයි මට නිශ්චිතවම විශ්වාස නැහැ. නමුත් මට එය ලබාගත හැකි ඉක්මනින් මම එය ලබාගන්නවා."

ආහාර සහ ඖෂධ පරිපාලනය සහ රෝග පාලන හා ආරක්ෂණ මධ්‍යස්ථානය වයස 65 සහ ඊට වැඩි පුද්ගලයින්ට අතිරේක ෆයිසර් මාත්‍රාවක් ලබාදීමේ සැලැස්මක් අත්සන් කිරීමෙන් පසුව බයිඩන්ද තමන්ගේ මාත්‍රාව ගැන මෙසේ අදහස් දක්වා තිබේ.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදෙන බලවත් රටවලින් ඉල්ලා සිටියේ මූලිකවම කිසිදු එන්නතක් හෝ ලබාගෙන නොමැති රටවලට එන්නත් ලබාදී පසුව බූස්ටර් මාත්‍රා වෙත යන ලෙසයි. නමුත් ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය ආදී බූස්ටර් මාත්‍රා ලබාදීම ඇරඹි රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් දක්වා නැත.



Recommended Articles