2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියානු අතපෙවීමක් ඇතැයි යන චෝදනා වසන් කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකළ බවට චෝදනා නැඟෙයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අතර ෆින්ලන්තයේදී සිදුවූ හමුව අවස්ථාවේදී ඇමෙරිකානු නායකයා මෙසේ ක්‍රියාකර ඇති බවට විදෙස් වාර්තා පවසයි.
එහිදී, ඇමෙරිකානු බුද්ධි අංශ විසින් මේ වනවිට අනාවරණය කරන රුසියානු අතපෙවීම් සම්බන්ධ චෝදනාවලට එරෙහිව යමින් ඇමෙරිකානු මැතිවරණයට අතපෙවීමක් කිරීමට රුසියාවට අවශ්‍යතාවක් නැතැයි කියා පූටින් මාධ්‍ය හමුවේදී පවසා ඇත.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් උරණ වී සිටින ඔහුගේ පක්ෂයේම කොංග්‍රස් සභිකයෙක් මාධ්‍යයට පවසා තිබුණේ රුසියාව අපේ මිතුරෙකු නොවන බව ට්‍රම්ප් අවබෝධ කරගත යුතු බවයි.
නමුත්, ඇමෙරිකාවේම බුද්ධි අංශ නායකයා ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයා සමග සිත් බිඳීමකින් කටයුතු කරන ආකාරය මේ වනවිට දැකිය හැකිය.
එහිදී, ඇමෙරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා පවසා තිබුණේ ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය බිඳහෙළීම සඳහා පැතිර පවත්නා උත්සාහයන්ට රුසියාව වගකිව යුතු බවයි.
ෆින්ලන්තයෙ හෙල්සින්කි නුවරදී පූටින් හා ට්‍රම්ප් අතර පැය දෙකකට ආසන්න කාලයක් පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පැවති අතර, ඊට ඔවුන් දෙපළගේ උපදේශකයන් පවා සහභාගී නොවීම විශේෂත්වයකි.