ඇමෙරිකානු කොවිඩ් මරණ ගැන අලුත්ම ගණනයක්


එක්සත් ජනපදය කොවිඩ්-19 මරණ මිලියනයක සීමාව වෙත ළඟාවී ඇති ධවල මන්දිරය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ නිව්යෝක් වැනි නගර තවත් වැඩිවීමක තර්ජන නොතකා වසංගතයේ පිටුව පෙරළා දැමීමට උත්සාහ කරමින් සිටින පසුබිමකය.

"අද, අපි ඛේදනීය සන්ධිස්ථානයක් සලකුණු කරනවා. කොවිඩ්-19 නිසා ඇමෙරිකානු ජීවිත මිලියනයක් අහිමි වුණා." එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ වසංගතය අතරතුර ආදරණීයයන් අහිමි වූවන්ගේ මහත් වූ වේදනාව පිළිගන්නා බව සිහිපත් කරමිනි.

මෙම වසංගතයට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඔහු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටි අතර, පරීක්ෂණ, එන්නත් සහ ප්‍රතිකාර වැනි සම්පත් සඳහා අරමුදල් සැපයීම කොංග්‍රසයට තීරණාත්මක බවද පැවසීය.

කෙසේ වෙතත්, ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 82,325,687ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අද වනිවට මරණ 999,125ක් සිදුව තිබේ.



Recommended Articles