ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව 2020 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබුණේ කොවිඩ්-19 මරණ 352,000කි.
කෙසේ වෙතත් 2021 වසරේ ජනපදය ජනවාරි 1 සිට ඔක්තෝබර් 5 දක්වා කාලය තුළ එරට තුළ සිදුව ඇති කොවිඩ්-19 මරණ 353,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2020 වසරේ වාර්තා වූ මරණ සංඛ්‍යාව කලින්ම ඉක්මවා යෑමකි.
මේ වනවිට කොරෝනා වසංගතයෙන් දරුණුතම පීඩාවට පත් රට ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,158,348ක් ලෙසත්, ආසාදිත මරණ සංඛ්‍යාව 710,173ක් ලෙසත් දැක්වෙයි.