ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 170,000ක සීමාව පසුකර ඇති අතර, අද (17දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ දත්තවලට අනුව එම සංඛ්‍යාව 170,028ක් ලෙස සටහන් විය.
එමෙන්ම මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,402,803ක් ලෙස සටහන් වන අතර, නව ආසාදිතයන් 40,002ක් සහ නව මරණ 538ක් ඉරිදා දිනයේ වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් පසුගිය ජුනි මාසයේ දෙවැනි සතියේදී වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ පුරෝකථනය වූයේ ලබන ඔක්තෝබර් 01දා වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 170,000ක සීමාවට පැමිණෙනු ඇති බවය.
එමෙන්ම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනුව පසුගිය ජුනි 23දා පමණ වනවිට ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 120,000ක් වාර්තා වී තිබූ අතර, මේ වනවිට මරණ 170,000ක් පසුකර යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ මාස දෙකක් ගතවීමටත් පෙර එරට තුළ මරණ 50,000ක් සිදුව ඇති බවය.