ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 21 සීමාව පසුකර තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය අද (16දා) උදෑසන දක්වා තිබුණේ 2,113,366ක් වශයෙනි.
එමෙන්ම ඇමෙරිකාවේ නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 116,135ක් ලෙස එම දත්ත වාර්තා දක්වා ඇත.
එහිදී නිව්යෝක් මරණ 30,856ක්, නිව් ජර්සි 12,708ක්, මැසචුසෙට්ස් 7,647ක්, ඉලිනොයිස් 6,326ක්, පෙන්සිල්වේනියා 6,243ක්, මිචිගන් 6,018ක් සහ කැලිෆෝනියා 5,125ක් වශයෙන් වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ වෛරසය ආසාදිතව සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස 576,334ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.