ඇමෙරිකානු කොවිඩ් ආසාදන මිලියන 18 සීමාව ඉක්මවා යයි


ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 18ක සිමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට අවම වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 18,011,449ක් වාර්තා වී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 319,255ක් කොවිඩ්-19 රෝගයෙන් මිය ගොස් ඇත.

විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව, කෝවිඩ්-19 ආසාදිතයන් මිලියන 9ක් කරා ළඟා වීමට එක්සත් ජනපදයට දින 284ක් ගතවී තිබුණත්, දෙවැනි ආසාදිතයන් මිලියන 9 වෙත ළඟා වීමට එක්සත් ජනපදයට ගත වූයේ දින 52ක් පමණි.

ජෝන්ස් හොප්කින්ස් විසින් එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය පිළිබඳ පළමු සිද්ධිය ජනවාරි 21 වැනි දින වාර්තා කරන ලදී.



Recommended Articles