ඇමෙරිකානු කුඩා දරුවෙක් තම ගුරුවරියට වෙඩි තබලා


එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ 6 හැවිරිදි පිරිමි ළමයෙකු සිකුරාදා පස්වරුවේ තම ගුරුවරියට වෙඩි තැබීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

නිව්පෝට් නිව්ස් හි රිච්නෙක් ප්‍රාථමික පාසලේ ගුරුවරියට පන්ති කාමරයක් තුළදී වෙඩි තබා ඇති බවත්, මෙය අහම්බෙන් සිදුවූ වෙඩි තැබීමක් නොවේ නොවන බවත් පොලීසිය කියයි.

ගිනි අවිය රැගෙන පැමිණ තිබූ දරුවාගෙන් එය ලබාගැනීමට තැත් කිරීමේදී ඔහු මෙසේ සිය ගුරුවරියට වෙඩි පහරක් එල්ල කර ඇති බවත්, පන්තියේ සිටි අනෙක් සිසුන් ඊට සම්බන්ධව වීමක් සිදු නොවී ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

කෙසේ වෙතත්, වෙඩි පහරට ලක්වූ ගුරුවරිය මේ වනවිට රෝහල්ගත කර ඇති අතර, ඇයගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියාවලට නමගිය රටක් ලෙස ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටින අතර, විශේෂයෙන්ම පාසල් දරුවන් තම පාසලේම සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුවරුන්ට වෙඩි තැබීම එරට සුලභ කාරණයක් වී තිබේ.



Recommended Articles