ඇමෙරිකානු කුඩා දරුවන්ට කොවිඩ් එන්නත අනුමතයි


කුඩා දරුවන් සඳහා කොවිඩ්-19 ට එරෙහිව ෆයිසර් සහ මොඩර්නා එන්නත් අනුමත කිරීම විශාල සහනයක් ලෙස ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රශංසා කළේය.

"අද ඇමරිකාව පුරා සිටින දෙමාපියන්ට සහ පවුල්වලට විශාල සහනයක් ලැබෙන දවසක්" යනුවෙන් බයිඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, එය රට ආරක්ෂිතව ඉදිරියට යාමට උපකාරී වනු ඇති බව පවසමිනි.

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා ෆයිසර් සහ මොඩර්නා හදිසි භාවිත අවසරය ලබා දෙන ලදී.



Recommended Articles