ඇමෙරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට කැරලිකරුවන් කඩා වැදීම සම්බන්ධයෙන් වූ විමර්ශන විශේෂ කමිටුවක් ඉදිරියේ මේ වනවිට ආරම්භ වී තිබේ.
එම සිද්ධියේදී සියදිවි නසාගැනීමෙන් ජීවිතක්ෂයට පත්වූ ආරක්ෂක අංශ නිලධාරියෙකු ඇතුළු මෙම සිද්ධියට අදාළව මරණ 9ක් වාර්තා විය.
ඒ අනුව, මේ වනවිට පුද්ගලයන් 900කට ආසන්න පිරිසකට මෙම කැරැල්ල සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඇතැමුන්ට රාජ්ය විරෝධී කුමන්ත්රණ චෝදනා එල්ල වී ඇත.
විශේෂයෙන්ම එම කරැල්ල මර්දනය කිරීම සඳහා එවකට ඇමෙරිකානු රජයේ මැදිහත්වීම ඉතා දුර්වල මට්ටමක පැවති බවටද චෝදනා එල්ල වී තිබේ.