හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් එක්සත් ජනපද කැපිටල් වෙත ප්රචණ්ඩ ප්‍රහාරයෙන් වසර දෙකකට පසුව සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් තවත් 350ක් පමණ තවමත් නිදැල්ලේ පසුවන බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයද (FBI) පසුගිය 2021 ජනවාරි 6 වැනි දිනට පෙර කොංග්‍රසය අසල දේශපාලන පක්ෂ කාර්යාලවල පයිප්ප බෝම්බ දෙකක් ඇටවූයේ කවුරුන්ද යන්න සෙවීමට තවමත් උත්සාහ කරයි.
එම පයිප්ප බෝම්බ පිටුපස සිටින අය පිළිබඳ තොරතුරු ලබාදෙන්නන්ට ත්‍යාගය ලෙස ඇ.ඩොලර් 100,000 සිට ඩොලර් 500,000 දක්වා වැඩි කළ බවද බලධාරීන් පවසයි.
අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ කැපිටල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ 950දෙනාගෙන් 484 දෙනෙකු කොංග්‍රසයට බාධා කිරීම, පොලිසියට පහර දීම හෝ නීති විරෝධී ලෙස ගොඩනැගිල්ලට ඇතුළු වීම වැනි වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බවයි.
ඉන් 351 දෙනෙකුට සිර දඬුවම් නියම වී ඇති අතර 200කට ආසන්න පිරිසකට වසර 10ක් දක්වා සිර දඬුවම් නියම වී ඇති බවද පැවසීය.