ඇමෙරිකානු කලාපය පුරාම කොවිඩ් වර්ධනයක් -WHO


ඇමෙරිකා එක්සත් ජනපදය, විශේෂයෙන් ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්වල නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

"පසුගිය පැය 24 තුළ ලොව පුරා වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් 10 න් 5 ක්ම ඇමරිකානු කලාපයේයි. බ්‍රසීලය, ඇමරිකා එක්සත් ජනපදය, පේරු, චිලී සහ මෙක්සිකෝව ඒ රටවල්" යැයි සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසීය.

එසේම, නව ආසාදිත සංඛ්‍යාවේ විශාලතම වැඩිවීම් වාර්තා කරන රටවල් ලෙස බ්‍රසීලය, කොලොම්බියාව, චිලී, පේරු, මෙක්සිකෝව, හයිටි, ආර්ජන්ටිනාව සහ බොලිවියා යන රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලදී.



Recommended Articles