ඇමෙරිකානු කලාපයේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 100,000කට වඩා ප්‍රමාණයක් වාර්තා වන අතර, ඉන් අඩක්ම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා කැරිසා එටියන් පවසයි.
එමෙන්ම වසංගතය යම් ලෙසකින් පාලනය කර තිබූ ආජන්ටිනාව සහ කොලොම්බියාව වැනි රටවල වසංගතය යලි හිසඔසවා තිබීම කනස්සල්ලට කාරණයක් බවද ඇය කියා සිටියාය.
"අපේ කලාපයම කොවිඩ්-19 වෛරසයේ ග්‍රහණයට නතුව පවතිනවා" එටියන් වොෂිංටන්හි සිට පෑන් ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානයේ (PAHO) අධ්‍යක්ෂවරුන් සමග කළ අථත්‍ය සාකච්ඡාවකදී පැවසීය.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 5,140,000ක් ඉක්මවා වාර්තා වන අතර, එරටින් වාර්තා වන වසංගතය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 164,500 ඉක්මවා තිබේ.
එමෙන්ම ඇමෙරිකානු කලාපයේදී එකසත් ජනපදයට පමණක් දෙවැනි වන බ්‍රසීලයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 3,057,470ක් වාර්තා වන අතර, එරට වසංගතය ආශ්‍රිත මරණ 101,752ක් සිදුව තිබේ.