ඇමෙරිකානු ආසාදන සියයට 80කට වඩා ඩෙල්ටා නිසාලු


එක්සත් ජනපදයේ නව කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයකට හේතුව කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බවත්, එනමුදු බලයලත් එන්නත් 90%කට වඩා රෝහල් ගතවීම් හා මරණ වැළැක්වීම සඳහා ඵලදායී බවත් එක්සත් ජනපද සෙනෙට් විමර්ශනයකදී එරට ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි අවධාරණය කරයි.

මෙම විමර්ශන විභාගයේදී රිපබ්ලිකන් එක්සත් ජනපද සෙනෙට් සභික රැන්ඩ් පෝල් සමග පැහැදිලි වචන හුවමාරුවක් සිදු වූ අතර, චීනයේ වූහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ජාතික සෞඛ්‍ය ආයතන පිළිබඳව ෆවුසි බොරු කියන බවට ඔහු චෝදනා කළේය.

වසංගත ආශ්‍රිත විමර්ශන විභාග කිහිපයකදී ෆවුසි සමග විරසක වී ඇති කෙන්ටකිහි සෙනෙට් සභිකයා, වූහාන් විද්‍යාගාරයේ කොරෝනා මූලාරම්භයක් ගැන නැවත සාක්ෂි නොමැති කතාවක් කරමින්, ඒ සඳහා වූ පර්යේෂණයන්ට යම් කාර්යභාරයක් ඉටුකර ඇති බවට ෆවුසි වෙත යළිත් චෝදනා කළේය.

කොංග්‍රසය වෙත බොරු කීමට හසු වුවහොත්, එක්සත් ජනපද අපරාධ නීති සංග්‍රහයට අනුව වසර පහක සිර දඬුවමක් නියම කරනු ඇතැයිද පෝල් ෆවුසිට පැවසීය.

අතීත ප්‍රතිචාරවලදී බොහෝදුරට සන්සුන් හා රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කළ ෆවුසි මෙහිදී ස්ථාවර ස්වරයෙන්, "සෙනෙට් සභික පෝල්, මම කවදාවත් කොංග්‍රසය ඉදිරියේ බොරු කියලත් නැහැ, කියන්නෙත් නැහැ.  ඔබ කතා කරන්නේ කුමක් දැයි කියා ඔබවත් දන්නේ නැහැ" කියා සිටියේය.



Recommended Articles