ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ජිම් මැටිස් එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම ධුරයේ දෙවැනියා ලෙස කටයුතු කළ පැට්‍රික් ෂානාහාන් ඒ සඳහා නම් කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ සමීපතම නිලධාරීන් රැසක් වරින්වර සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ අතර, එහි ආසන්නතම සිදුවීම මැටිස්ගේ ඉල්ලා අස්වීමයි.
ජනපතිවරයා සමග පවතින ප්‍රතිපත්තිමය ගැටලු කිහිපයක් මෙම ඉල්ලා අස්වීමට හේතුව බවද මැටිස් සඳහන් කර තිබුණි.
දැනට පෙන්ටගනයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන මැටිස් ඉදිරි පෙබරවාරි මාසය අවසානයේදී සිය ධුරයේ කටයුතු නවකයන්ට ලබාදෙමින් එයින්ද ඉවත්වන බව සඳහන් කර ඇත.
මෙහිදී, ට්‍රම්ප් පවසා සිටියේ පැට්‍රික් ෂැනහැන් ලබන ජනවාරි 01 වැනිදා සිට සිය ධුරයේ කටයුතු කරනු ඇති බවයි. බොයිං සමාගමේද සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ ඔහු, ආරක්ෂක ලේකම් ධුරයේ දෙවැනියා ලෙසද දක්ෂතා දක්වා ඇති බව පවසන ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමග මැටිස්ගේ පෙන්ටගන් ධුරයේ කටයුතු අවසන් වීමද ඉක්මන් වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.