එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානයේ බුද්ධි අංශ ප්‍රධානීන් ලබන සතියේ මුලදී සෝල් අගනුවරදී හමුවෙමින් උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂක අව්රිල් හයින්ස් සහ ජපානයේ කැබිනට් බුද්ධි අධ්‍යක්ෂක හිරෝකි ටකිසාවා අතර හමුව මැයි මාසයෙන් පසු පැවැත්වෙන පළමු හමුව වනු ඇති බවද කියයි.
කෙසේ වෙතත් උතුරු කොරියාව නිරන්තරයෙන් කියා සිටින්නේ තම රටේ ආරක්ෂාව තරකර ගැනීම සඳහා සිදුකරන ක්‍රියාවන්ට සෙසු රාජ්‍යයන්ගේ බලපෑම් හෝ මැදිහත්වීම් අනවශ්‍ය බවයි.