ජෝ බයිඩන් පරිපාලනය ආයෝජන සහ අපනයන සීමා කිරීම් සමග තවත් චීන සමාගම් සහ ආයතනවලට පහර දීමෙන් පසු චීන සමාගම් අනවශ්‍ය ලෙස එක්සත් ජනපදය විසින් මර්දනය කිරීම චීනය හෙළා දැක තිබේ.
වොෂිංටනයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ එක්සත් ජනපදය නිදහස් වෙළෙඳ නීති උල්ලංඝනය කර ඇති අතර, චීනය විසින් චීන සමාගම්වල සහ පර්යේෂණ ආයතනවල අවශ්‍යතා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.
"චීනයේ ජෛව තාක්ෂණයේ දියුණුව සැමවිටම මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා වූවක්. එක්සත් ජනපද පාර්ශ්වයේ අදාළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි" තානාපති කාර්යාල ප්‍රකාශක ලියු පෙන්ග්යු පැවසීය.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, "චීනයේ ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් පිළිබඳ ජෛවමිතික නිරීක්ෂණයට සහ ලුහුබැඳීමට සහාය දක්වන" ආයතන බවට ප්‍රකාශ කරමින්, ඩ්‍රෝන් නිෂ්පාදක DJI Technology Co. Ltd ඇතුළු චීන තාක්ෂණ සමාගම් 08ක් ආයෝජන අසාදු ලේඛනයකට එක් කළේය.
ලැයිස්තුවේ සිටින AI සමාගමක් වන Megvii Technology Ltd, සමාගම "මෙම පියවරට දැඩි ලෙස විරුද්ධ වූ" බවත්, "වාර්ගික සුළුතරයන්ගේ නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කර ඇති බවට වන චෝදනාව" පදනම් විරහිත බවත් පැවසීය.
එදිනම, එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් අපනයන සීමා කරන ලද ආයතන ලැයිස්තුවට චීන සමාගම් සහ ආයතන 34ක් එක් කරන ලදී. ඒවාට චීනයේ හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමිය (AMMS) සහ එහි පර්යේෂණ ආයතන 11 ඇතුළත් වූ අතර, චීනයේ හමුදාවට සහාය දැක්වීම හෝ සහයෝගීතාව දක්වන බවට මත පළ කරමින් ඒවා ලැයිස්තුවට එක්කර තිබේ.