ඇමෙරිකා දෛනික කොවිඩ් ආසාදන 100,000ක් වේවිලු


ඇමෙරිකානුවන් මහජන සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීම ආරම්භ නොකරන්නේ නම් එක්සත් ජනපදයට දිනකට නව කොවිඩ්-19 වෛරස් රෝගීන් 100,000 ක් දැකගත හැකි බව එක්සත් ජනපදයේ ඉහළ බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසි අනතුරු අඟවා තිබේ.

සෙනෙට් සෞඛ්‍ය හා අධ්‍යාපන කමිටුවට සාක්කි දෙමින් ෆවුසි පැවසුවේ“අපට දැන් දිනකට නව ආසාදිතයන් 40,000ක් ලැබෙමින් තිබෙන බවයි.

"මෙය හැරෙන්නේ නැත්නම්, මහජන සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ නැත්නම් අපි දිනකට 100,000ක් දක්වා ගියහොත් මා පුදුම වන්නේ නැහැ" ෆවුසි පැවසීය. "ඉතින්, මේ ගැන මා ඉතා සැලකිලිමත්."

වසංගතයෙන් එක්සත් ජනපදයේ අපේක්ෂිත මරණ සංඛ්‍යාව පිළිබඳ අනාවැකි පළ කිරීම ජාතික අසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කළ නමුත් එය බැරෑරුම් වනු ඇතැයි පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (01දා) අලුයම වනවිට 2,626,372ක සීමාවට පැමිණ තිබූ අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 127,322කි.



Recommended Articles