ඇමෙරිකා එක්සත් ජනපදය බ්‍රහස්පතින්දා කොවිඩ්-19 නව ආසාදිතයන් 71,135ක් වාර්තා කර ඇත්තේ වසංගතය ආරම්භ වීමෙන් පසු දෛනිකව මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමිනි.
එරට මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නෙ දවස අවසානයේදී මෙම අගය තවදුරටත් ඉහළ යා හැකි බවය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව නව සංඛ්‍යාලේඛන මගින් රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අවම වශයෙන් 3,576,156ක් ලෙස වාර්තා කර තිබේ.
එසේම මේ වනවිට රට තුළ වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 138,358ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.