ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, ඔමික්‍රොන් ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය මධ්‍යයේ එක්සත් ජනපදය සඳුදා දිනයේ පමණක් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 1කට අධික සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.
අඟහරුවාදා සවස 5.00 වනවිට, ගෙවුණු පැය 24 තුළ රට පුරා තහවුරු වූ ආසාදිතයන් මිලියන 1.07ක් පමණ ලියාපදිංචි වී ඇති අතර, එය වසංගතයෙන් ලොව දරුණුතම බලපෑමට ලක්වූ අවස්ථාවක් විය.
එමෙන්ම පසුගිය දින හත තුළ නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික සාමාන්‍ය අගය 418,000ක් දක්වා දෙගුණයක් වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර, රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයකින් පසු පුද්ගලයින් හුදෙකලා විය යුතු නිර්දේශිත කාලය දින 10 සිට දින 5ක් දක්වා කෙටි කිරීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන තීරණය කිරීමත් සමග මෙම වැඩිවීම සිදුවී ඇති බවද කියැවෙයි.