ඇමෙරිකා දෛනික ආසාදන 227,885ක නව වාර්තාවක්


ඇමෙරිකා එක්සත් ජනපදය ගෙවීගිය සිකුරාදා දිනයේ අවම වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 227,885ක් වාර්තා කර ඇති අතර, එය මෙතෙක් එරටින් වාර්තා වූ නව දෛනික වාර්තාවක් මෙන්ම, සිව්වැනි වරටත් රට තුළ එක් දිනක් තුළ ආසාදිතයන් 200,000ක් ඉක්මවා වාර්තා වීමකි.

මීට පෙර ඇමෙරිකාවේ වැඩිම ආසාදන වාර්තාව බ්‍රහස්පතින්දා වාර්තා විය. එමෙන්ම සිකුරාදා දිනයේ වෛරසය ආශ්‍රිත තවත් මරණ 2,607ක් වාර්තා කර ඇති අතර, රට පුරා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව අද (06දා) උදෑසන වනවිට 281,059ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගතය ආරම්භ වූ දා සිට අවම වශයෙන් රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් 14,557,003ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.



Recommended Articles