එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, ඉතා මෘදු රෝග ලක්ෂණ අත්විඳිමින් සිටින බව ධවල මන්දිරය පවසයි.
ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ඔහු කොවිඩ්-19 බූස්ටර එන්නත් දෙකක්ද ලබා ඇති බව කියයි.
මේ වනවිට ඇමෙරිකාව තුළ කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියක් ඇති අතර, යුරෝපා කලාපය තුළද වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයද පසුගියදා වසංගතයේ නවතම ව්‍යාප්තිය පිළිබඳ අනතුරු ඇඟවූ අතර, මුඛ ආවරණ, සමාජ දුරස්ථභාවය සහ වාතාශ්‍රය හොඳින් ලැබෙන ස්ථානවල ගැවසීම ගැන යළි අවධානය යොමුකරන ලෙසද රටවලින් ඉල්ලා සිටියේය.