ඇමෙරිකා කොවිඩ් ආසාදන මිලියන 60ක් ඉක්මවා යයි


ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉරිදා මිලියන 60ක සීමාව ඉක්මවා ගියේය.

එක්සත් ජනපදය වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ රට ලෙස සැලකෙයි.

ලෝකයේ වැඩිම රෝගීන් සහ මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එය ගෝලීය සමස්ත ආසාදනවලින් 20%ක් සහ ගෝලීය සමස්ත මරණවලින් 15%කට වඩා වැඩිය.

මේ ආකාරයෙන් නවතම ආසාදන රැල්ලට වර්තමානයේ වේගයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතු වී තිබේ.



Recommended Articles