ඇමෙරිකා ඔමික්‍රෝන් ආසාදන වාර්තාගත ලෙස ඉහළ යනවා


එක්සත් ජනපදයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් පැතිරීම නිසා සඳුදා වනවිට දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 510,000කට වඩා වාර්තාගත ඉහළ මට්ටමකට ගෙන ගොස් ඇති අතර, එය රට තුළ වසංගතය ආරම්භ වූ දින සිට ඉහළම දෛනික ඉහළ යෑම බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.

සඳුදා රට පුරා නව ආසාදිතයන් 512,553ක් සහ මරණ 1,762ක් වාර්තා විය. පසුගිය සතිය තුළ නව ආසාදිතයන් 1,660,000කට ආසන්න සංඛ්‍යාවක් සහ නව මරණ 10,000කට අධික සංඛ්‍යාවක් එකතු විය.

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අනුව, දින හතක සාමාන්‍ය දෛනික ආසාදිතයන්ගේ වැඩිවීම ඉරිදා වනවිට 206,000ට වඩා වැඩි විය. මෙය ජනවාරි 18 න් පසු ඉහළම අගයද වේ.

අඟහරුවාදා එක්සත් ජනපද CDC හි දත්තවලට අනුව දෙසැම්බර් 25න් අවසන් වන සතිය සඳහා රට තුළ සංසරණය වන කොරෝනා වෛරස ප්‍රභේදවලින් ඔමික්‍රෝන් ප්‍රභේදය 58.6%ක් ලෙස ගණන් බලා ඇත.

පසුගිය මාස කිහිපය තුළ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත් වූ ඩෙල්ටා ප්‍රභේදය දෙසැම්බර් 25 වනවිට එක්සත් ජනපදයේ සියලුම කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 41.1$ක් වන බව මහජන සෞඛ්‍ය ඒජන්සියේ දත්ත පෙන්වා දෙයි.

මෙම ඉහළ යෑම දැන් එක්සත් ජනපදය පුරා රෝහල්වල දැඩි පීඩනයක් ඇති කරමින්, ඒවා බිඳවැටීමේ අද්දරට තල්ලු කර ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමග රෝහල් ගතකරන දරුවන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. ඇමරිකානු ළමා රෝග විද්‍යා ඇකඩමියේ (AAP) සහ ළමා රෝහල් සංගමයේ නවතම වාර්තාවට අනුව ඇමරිකානු ළමයින් 10 දෙනෙකුගෙන් 1 අයෙකු නියෝජනය කරමින් රට තුළ වසංගතය ආරම්භයේ සිට මිලියන 7.5කට අධික ළමයින් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත.



Recommended Articles