ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි උද්ධමනකාරී අර්බුදයක


එක්සත් ජනපදයේ උද්ධමනය වසර 40ක ඉහළ අගයක් ගැනීමෙන් පසුව, මේ මාසයේ පදනම් අංක 100කින් ෆෙඩරල් බැංකු පොලී අනුපාතික යළිත් ඉහළ නංවනු ඇති බව විශ්වාස කෙරෙයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කළේ ගෑස්, ආහාර සහ කුලී නිවාස මිල ඉහළ යාම පසුගිය මාසයේ පාරිභෝගික මිල දර්ශකය (CPI) පෙර වසරකට වඩා 9.1%කින් ඉහළ යාමට හේතු වී ඇති බවය.

උද්ධමනය නැවැත්වීමට ෆෙඩරල් මහ බැංකුව වඩාත් ආක්‍රමණශීලී වනු ඇතැයි යන අපේක්ෂාව පැවතියද, ඉන් ආර්ථිකය අවුල්කරනු ඇති බවටද බියක් පවතී.



Recommended Articles