ඇමෙරිකාව විසින් තම වා බැලූන වෙඩි තබා බිම හෙළීම සහ තවදුරටත් සම්බාධක පැනවීමට එරෙහිව තම රටද ප්‍රතිචාර දක්වන බව චීනය පවසයි.
විශේෂයෙන්ම මෙම ක්‍රියාව ඇමෙරිකාවේ අත්තනෝමතික ක්‍රියාවක් බව පෙන්වා දෙන චීනය, මෙය ඔත්තු බැලීමේ බැලූන නොවන බවත්, එය හමුදාමය කාර්යයන් සඳහා යෙදවූවක් නොවන බවත් පෙන්වා දෙයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙබින්ග් විසින් බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ අතර, එහිදී චීනය ඇමෙරිකාව වෙත දක්වන්නේ කවරාකාර ප්රතිචාරයක්ද යන්න විස්තර කළේ නැත.
ඇමෙරිකානු සීමාවට මෙන්ම, කැනඩා සීමාවට පැමිණි බැලූන මේ ආකාරයෙන් වෙඩි තබා බිම හෙළීමට පසුගියදා ඇමෙරිකාව කටයුතු කළ අතර, මෙය දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතාවල දැවැන්ත බිඳ වැටීමක් පිළිබිඹු කරයි.