ඇමසොන් අභිභවා ජනප්‍රිය වූ චීනයේ විලාසිතා ඇප් එකක්


නින්දට යාමට පෙර සෑම රාත්‍රියකම අනුෂ්කා සචාන් සිය ජංගම දුරකථනයේ තිරය ඇඟිලි තුඩුවලින් හසුරුවමින් කාලය මරන්නේ තමන් මේ දිනවල වඩාත් ආකර්ශනය කළ ඇප් වැඩසටහන තුළය.

20 හැවිරිදි හොංකොං විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවක වන සචාන් පැවසුවේ, නින්දට පෙර මෙහි වටයක් යෑම දැන තමාට පුරුද්දක් වී ඇති බවය.

සචාන් භාවිත කරන මෙම නවතම වේදිකාව චීනයේ Shein සමාගමේ ඇප් වැඩසටහනයි. එය උච්චාරණය කරන්නේ "ෂී ඉන්" යනුවෙනි. මෙම ඇප් වැඩසටහන මේ වනවිට TikTok පරිශීලකයන් අතර ඉතාමත් වේගයෙන් ආකර්ෂණය වෙමින් පවතින බව වාර්තා වෙයි.

Shein සමාගම මෑතකදී එක්සත් ජනපදයේ ඇප් වැඩසටහන් ඩවුන්ලෝඩ් අගයන් අතින් ඇමෙරිකානු ඇමසොන් සමාගම අභිභවා ගොස් තිබේ. එය ලොව පුරා වේගවත් ලෙස ඇඟලුම් හා විලාසිතා සම්බන්ධයෙන් දැඩි ආකර්ශණයක් ඇති කරමින්, මෑතකදී මාතෘකා බවට පත්ව ඇති අද්භූත ඔන්ලයින් සාප්පු සවාරයක් බවට පත්ව ඇත. එය මේ වනවිට මිලියන 100 ඉක්මවූ ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් වාර්තා කර තිබේ.

සමහර ප්‍රවීණයන් පවසන්නේ එය තමන්ගේම ක්‍රීඩාවේදී ප්‍රමුඛතම ඇඟලුම් සන්නාමයන්ට දැඩි පහරක් වී ඇති අතර, භාණ්ඩ ඉක්මනින් ගනුදෙනුකරු වෙත විවිධ මිල පරාසයන් ඔස්සේ ලබාදීමට යුහුසුළු වීම සහ ඩිජිටල් ගනුදෙනුකරුවන් සමග පෙර නොවූවිරූ සම්බන්ධයක් ඇති කරගැනීම එහි රහස බවයි.

සිල්ලර වෙළෙඳාම හා තාක්‍ෂණය පිළිබඳ විශේෂඥ ගෝලීය උපදේශක සහ පර්යේෂණ ආයතනයක් වන කෝර්සයිට් රිසර්ච් හි ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වන එරින් ෂ්මිට් පැවසුවේ ඔවුන් විලාසිතා වෙළෙඳ පොළ ආකෘතිය වෙනස් කර ඇති බවය.



Recommended Articles