ඇමසන් හි සේවකයන් 18,000ක් ගෙදර යවනවාලු


අවිනිශ්චිත ආර්ථිකය සහ වසංගතය අතරතුර අන්තර්ජාල සිල්ලර වෙළෙඳාමේ පතාක යෝධයෙකු වන ඇමසන් සමාගම ශ්‍රම බලකායෙන් රැකියා 18,000කට වැඩි ප්‍රමාණයක් කපා හරින බව කියයි.

"නොවැම්බරයේ අප විසින් සිදු කරන ලද අඩු කිරීම් සහ අද අපි නිකුත් කරන දත්ත සමග, අපි 18,000කට වඩා වැඩි සේවකයන් පිරිසක් ඉවත් කිරීමට සැලසුම් කළා" ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසි සිය කාර්ය මණ්ඩලයට ප්‍රකාශයක් කරමින් පැවසීය. සමාගම නොවැම්බර් මාසයේදී ඉවත් කරන ප්‍රමාණය 10,000ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

මේ ඉවත් කිරීම මිනිසුන්ට අපහසු බව ගැඹුරින් දන්නා බවත්, අපි මෙම තීරණ සැහැල්ලුවෙන් නොසලකන බවත් සමාගමේ නායකත්වය පැවසීය.

"අපි පීඩාවට පත් වූවන්ට සහාය වීමට ක්‍රියා කරනවා. ඉවත්ව යන අයට වන්දි ගෙවීමක් සිදුකරනවා. ඒ වගේම සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රතිලාභ සහ වෙනත් රැකියා ස්ථානගත කිරීමේ සහාය ඇතුළත් පැකේජ සපයනවා" ඔහු පැවසීය.

සමූහයට සැප්තැම්බර් අග වනවිට ලොව පුරා සේවකයන් මිලියන 1.54ක් සිටි අතර, ක්‍රියාකාරකම් වැඩි වූ කාලවලදී, විශේෂයෙන් නිවාඩු කාලය තුළ බඳවා ගන්නා ලද සෘතුමය සේවකයන් ඊට ඇතුළත් නොවේ.



Recommended Articles