පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ස්වෙච්ඡා ගිනි නිවන භටයන් සිව්දෙනෙකු හිතාමතාම වැසි වනාන්තරයේ ගිනි තැබීම් සිදුකර ඇති බවට වන චෝදනා ඇමසන්හි පිහිටි බ්‍රසීලියානු රාජ්‍ය නොවන සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි.
මෙම පිරිස උතුරුදිග පැරේ ප්‍රාන්තයේ විශාල ගින්නක් මැඬපැවැත්වීමට උදව් කළ ඇල්ටර් ඩෝ චාවෝ බළකායේ පිරිසක් බව කියයි.
මෙම චාවෝ බළකායට අයත් PSA ව්‍යාපෘති කාර්යාලය වැටලීමෙන් පසුව මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේ වෙතත්, අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධරයන් හා කණ්ඩායම් මෙන්ම විචාරකයන් කියා සිටියේ මෙම මෙහෙයුම දේශපාලනික වශයෙන් උසිගැන්වූවක් බවයි.
මේ වසර මුලදී බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තර දහස් ගණනක් ගිනිගෙන විනාශ විය. අන්ත දක්ෂිනාංශික ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර රාජ්‍ය නොවන සංවිධාන මෙම ගිනිතැබීම්වලට සම්බන්ධ බව කියා තිබුණි.
ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ඇල්ටර් ඩෝ චාවෝ ප්‍රදේශයේ සැප්තැම්බර් මාසයේ ඇති වූ ගින්නෙන් පාපන්දු පිට්ටනි 1,600කට සමාන ප්‍රදේශයක් විනාශ වූ අතර ස්වේච්ඡා සේවකයන් සහ ගිනි නිවන භටයන්ට එය පාලනය කිරීමට දින හතරක් ගතවිය.