ඇමසන් වනාන්තරය ආශ්‍රිතව වන විනාශය මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
එය 2008 වසරින් පසුව වාර්තා වන ඉහළම අගය බව පවසන ඔවුන් සඳහන් කරන්නේ, පසුගිය මාස 12ක කාලය තුළ එය 29.5%කින් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, 2018 අගෝස්තු සිට 2019 ජූලි මාසය දක්වා වූ වසරක කාලය තුළ වනාන්තරයේ වර්ග කිලෝමීටර් 9,762ක භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි වී තිබේ.
බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ ප්‍රතිපත්ති මෙම වන විනාශයට සෘජුවම බලපා ඇති අතර, පරිසරවේදීන් පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග මෙම වන විනාශය වේගවත් වූ බවයි.