ඇමසන් මෙක්සිකෝ සමාගමේ හිටපු ප්‍රධානියාගේ බිරිඳ මෙක්සිකෝ නගරයේදී ඝාතකයෙකු අතින් මියයෑමේ සිද්ධියත් සමග ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබේ.
ඒබ්‍රිල් පෙරෙස් සාගන් සඳුදා ඇගේ තරුණ දරුවන් දෙදෙනා ඉදිරිපිටදී සිය මෝටර් රථය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
ජුවාන් කාලෝස් ගාර්ෂියා මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නැත. විශේෂයෙන්ම, මෙම යුවළ දික්කසාද සටනක යෙදී සිටි අතර ගාර්ෂියා තම බිරිඳට එරෙහි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමේ චෝදනා මත වරක් අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස් වී තිබුණි.
ඇය ජනවාරි මාසයේ නිදා සිටියදී බේස්බෝල් පිත්තකින් ඇයට පහර දුන් බවත්, තමාට අනිසි බලහත්කාරයක් කිරීමට උත්සාහ කළ බවටත් ඇය එවර චෝදනා කර තිබුණි.
ඒ අනුව, ගාෂියා මාස 10ක අත්හිටවූ සිර දඬුවමකට යටත්ව සිටියදී බිරිඳ මෙසේ වෙඩි තබා ඝාතනය වීම පිළිබඳ ඔහු වෙත ඇඟිල්ල දිගු වී තිබේ.