ඇමරිකාවේදී මෝටර් රථයක් ජනතාව යට කරමින් පදවලා


එක්සත් ජනපදයේ ඊසානදිග විස්කොන්සින් ප්‍රාන්තයේ ඉරිදා දහවල් නිවාඩු දින එළිමහන් උත්සවයක් අතරතුරදී මෝටර් රථයක් සෙනඟ අතරට කඩා වැදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ කිහිපයකින් පෙන්නුම් කළේ රතු SUV රථයක් අධික වේගයෙන් සෙනඟ මැදින් ධාවනය කළ ආකාරයයි.

මෙම සිද්ධියෙන් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, එම අවස්ථාවේදී අසල සිටි පොලීසිය මෝටර් රථය වෙත වෙඩි තැබීමක්ද සිදුකර තිබේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles