ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා කොවිඩ් මර්දන එන්නත් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් එරට සියලුම වැඩිහිටියන් සඳහා බූස්ටර් මාත්රාව ලෙස ලබාදීමට අවසර ලබාදී තිබේ.
මීට පෙර එම එන්නත් ලබාදීමට සුදුසුකම් ලැබූ අයට අමතරව, mRNA එන්නත් දෙකෙහිම බූස්ටර් මාත්රා සඳහා හදිසි භාවිතය වෙනුවෙන් මෙම අවසරය පුළුල් කර ඇත.
ඒ අනුව ආසාදනය හෝ දරුණු රෝග ඇතිවීමේ අවදානම තුරන් කිරීම සඳහා අවම වශයෙන් මාස හයකට පෙර ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත් ලබා දුන් වයස අවුරුදු 65 සහ ඊට වැඩි ඕනෑම අයෙකුට සහ සමහර වැඩිහිටියන් සඳහා බූස්ටර් මාත්රාව සඳහා අවසර දී ඇත.