බොහෝ විදේශීය ජාතික ගුවන් මගීන් සඳහා එන්නත් අවශ්‍යතා පැනවීමේ නව නියෝගයකට අත්සන් තැබූ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, එලැඹෙන නොවැම්බර් 8 සිට බලපැවැත්වෙන පරිදි චීනය, ඉන්දියාව සහ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල සිට පැමිණෙන සංචාරකයන්ට වූ දැඩි සංචාරක සීමාවන් ඉවත් කළ බව ධවල මන්දිරය පවසයි.
කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එක්සත් ජනපද සංචාරක සීමා කිරීම් ප්‍රථම වරට පනවනු ලැබුවේ 2020 මුල් භාගයේදීය. ඒ අනුව බ්‍රිතාන්‍ය මෙන්ම, යුරෝපයේ ෂෙන්ගන් රටවල් 26ක්, අයර්ලන්තය, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඉරානය සහ බ්‍රසීලයේ ආදී රටවල එක්සත් ජනපද නොවන පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළු වීඹ තහනම් කර තිබුණි. කෙසේවෙතත් මෙම නව පියවර යටතේ සීමා ලිහිල් කර ඇත.