එක්සත් ජනපදයේ වාර්ගික සුළුතර ජනකොටස්, එරට සුදු ජනතාවට වඩා කොවිඩ්-19 ආශ්රිත වෙනස්කම්වලට හා කොන්වීම්වලට ලක්ව ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි.
ඇමෙරිකානු මහජන සෞඛ්‍ය සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයේ දී, පර්යේෂකයන් විසින් එක්සත් ජනපදයේ සියලුම ප්‍රධාන වාර්ගික කණ්ඩායම් තුළ කොවිඩ්-19 ආශ්රිත වෙනස්කම්වලට හා කොන්වීම්වලට ලක්වීමේ ව්‍යාප්තිය මැන බැලීමකට ලක්ව ඇත.
එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතන (NIH) හි කොටසක් වන සුළුතර සෞඛ්‍ය සහ සෞඛ්‍ය විෂමතා පිළිබඳ එක්සත් ජනපද ජාතික ආයතනයේ පර්යේෂකයන් ඇමෙරිකානු ඉන්දියානු හෝ ඇලස්කාවේ ස්වදේශික, ආසියානු, අප්‍රිකානු ඇමෙරිකානු, හවායි සහ පැසිෆික් දූපත් වැසියන්, ලතින්, සුදු ජාතිකයින් 5,500කින් තොරතුරු රැස්කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.
සහභාගී වූවන්ගෙන් 22.1%ක් වෙනස්කොට සැලකීමේ හැසිරීම් අත්විඳින බව වාර්තා කර ඇති අතර, අධ්‍යයනයට අනුව මිනිසුන් ඔවුන්ට බියෙන් හැසිරෙන බව 42.7%ක් වාර්තා කර ඇත.
සියලුම වාර්ගික සුළුතරයන් සුදු වැඩිහිටියන්ට වඩා කොවිඩ්-19 ආශ්රිත වෙනස්කම් අත්විඳීමට වැඩි ඉඩක් පෙන්නුම් කර ඇති අතර, ආසියානු සහ ඇමෙරිකානු ඉන්දියානු වැඩිහිටියන් එවැනි වෙනස්කම් අත්විඳීමට වැඩි ඉඩක් ඇති බව අධ්‍යයනය පෙන්වා දෙයි.
ඉංග්‍රීසි භාෂා දැනුම අඩුකම, අධ්‍යාපන මට්ටම අඩුවීම, අඩු ආදායම් සහ පදිංචිව සිටින ප්‍රදේශය අනුවද මෙසේ වෙනස් කොට සැලකීමේ ව්‍යාප්තිය වැඩිකර ඇත.
ඒ අනුව වසංගතය වාර්ගික සුළු ජාතීන්ට සහ සෙසු ජනවාර්ගික ප්‍රජාවන්ට එරෙහිව ඇමෙරිකාව තුළ පැවති කොන්කිරීම් තවදුරටත් උග්‍ර කර ඇති බවද අධ්‍යයනය වැඩිදුරටත් පෙන්වා දෙයි.