ඇමරිකා කොවිඩ් මාරාන්තික මාසය බවට ජනවාරි පත්වෙයි


ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වසංගතයේ වෙනත් කිසිදු මාසයකට වඩා 2021 ජනවාරි මාසයේදී කොවිඩ්-19 රෝගයෙන් වැඩි පිරිසක් මියගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, මේ මාසයේ මේ දක්වා පුද්ගලයින් 77,698ක් කොවිඩ් -19 රෝගයෙන් මියගොස් ඇති අතර එය 2020 දෙසැම්බරයේ සිදුව තිබූ මරණ 77,486ක අගය ඉක්මවා ඇත.

වසංගතය අතරතුර එක්සත් ජනපදයේ කෝවිඩ් -19 මරණ මාසයෙන් මාසයකට බිඳවැටීම මෙසේය.

2020 පෙබරවාරි - 1 මරණයක්

2020 මාර්තු - මරණ 5,277ක්

2020 අප්‍රේල් - මරණ 60,750

2020 මැයි - මරණ 41,727ක්

2020 ජුනි - මරණ 20,138ක්

2020 ජූලි - මරණ 26,585

2020 අගෝස්තු - මරණ 29,525ක්

2020 සැප්තැම්බර් - මරණ 23,433

2020 ඔක්තෝබර් - මරණ 23,995

2020 නොවැම්බර් - මරණ 37,038ක්

2020 දෙසැම්බර් - මරණ 77,486ක්

2021 ජනවාරි - මේ දක්වා මරණ 77,698ක්



Recommended Articles