මධ්‍යම ඔස්ට්‍රේලියාවේදී උලුරූ කන්ද තරණය කිරීමට ගිය ජපාන සංචාරකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
කන්ද අඩක් තරණය කිරීමේදී ඔහු ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙම පුද්ගලයා වයස අවුරුදු 76ක පමණ වන පුද්ගලයෙකු බවත් පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, මෙම මරණය පුද්ගල ඝාතනයක් යන්න පිළිබඳ සැකයක් නොමැති බව පවසන පොලීසිය, එම පුද්ගලයා ගුවන් මගින් ආසන්න රෝහලක් වෙත ගෙනගියද ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වර්ෂ 1950 සිට මෙම කන්ද තරණය කිරීමට ගිය පුද්ගලයන් 37 දෙනෙකු මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙය තරණය වර්ෂ 2019 ඔක්තෝබරයේ සිට තහනම් කිරීමටද නියමිතව තිබේ.
ඔස්ට්‍රේලියාවේ සැබෑ උරුමක්කරුවන් වන ඇබොර්ජිනීස්වරුන් කාලයක පටන් මෙම කන්ද තරණය සඳහා පිටස්තරයන්ට අවසර නොදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තහනම පැනවෙනු ඇත.
මෙය ඇබොර්ජිනීස්වරුන් පූජනීය ස්ථානයක් ලෙස සැලකීම එසේ කන්ද තරණය තහනම් කරන ලෙස ඉල්ලා සිටීමට හේතුවී තිබේ.