නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් හි ඇපල් ස්ටෝර් වෙළෙඳ සැලක පුද්ගලයින් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයේ තබාගෙන, ගිනි අවියක් දරමින් සිටි පුද්ගලයා පැය කිහිපයක මෙහෙයුමකින් පසුව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි පිරිස් මුදාගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
සන්නද්ධ පුද්ගලයෙකු අතින් එහි සිටි කිහිප දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූ බවට තොරතුරු ලැබීමෙන් පසුව තත්ත්වය පාලනය කරගැනීමට විශේෂ ඒකක කිහිපයක් යොදවා තිබුණි.
පොලිසිය පැවසුවේ තුවක්කුකරු අවසානයේදී පොලීසියට යටත්වීමෙන් පසුව ඉදිරිපස වීදියේ බිම වැතිර සිටි බවයි. ඔහු වෙත රොබෝවරයකු යොදවා පුපුරණ ද්‍රව්‍ය සඳහා පරීක්ෂාවක් කළ බවද සඳහන් විය.
කෙසේ වෙතත් මෙම කුමන අරමුණකින් සිදුකළ ක්‍රියාවක්ද යන්න මෙතෙක් පැහැදිලි නැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි.