සෞදි අරාබියේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 200,000 ඉක්මවා ඇති අතර අසල්වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආසාදිතයන් සංඛ්‍යාව 50,000ක් ඉක්මවා ගොස් තිබේ.
අරාබි ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක පසුගිය මාසයේ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කියයි.
මාර්තු මැද භාගයේ සිට දෙරටේම සීමාවන් පැනවූ අතර ඒවා ක්‍රමයෙන් ඉවත් කරමින් වෙළෙඳ ව්‍යාපාර සහ පොදු ස්ථාන නැවත විවෘත කිරීමට ඉඩ දී තිබුණි.
කුවේට් අර්ධ වශයෙන් ඇඳිරි නීතිය පනවා ඇති අතර කටාර්, බහරේන් සහ ඕමානය කිසිසේත් එවැනි පැනවීමක් නැති අතර, අනෙකුත් ගල්ෆ් රටවල්ද සීමාවන් ලිහිල් කිරීමට පියවර ගෙන ඇති පරිසරයක මෙම ආසාදිත ඉහළ යෑම් වාර්තා වෙයි.