නව කොරෝනා වෛරසය පිටුදැකීම වෙනුවෙන් චීනය වේගයෙන් ඉදිකළ දෙවැනි විශේෂ රෝහල වන ලයිෂෙන්ෂාන් රෝහල අද (08දා) රෝගීන් ඇතුළත් කිරීම සඳහා සූදානම් කර තිබේ.
ඒ අනුව මෙම රෝහල සඳහා වූ වෛද්‍ය කණ්ඩායමේ පළමු කණ්ඩායම මේ වනවිට රෝහල වෙත පැමිණ ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
ඇඳන් 1,500කින් යුත් මෙම රෝහල වෙත හෙට දිනය වනවිට රෝගීන් ඇතුළත් කරගැනීම සිදුවනු ඇති බව වුහාන් විධායක උප නගරාධිපති හූ යබෝ පවසා සිටියේය.
එමෙන්ම නගරයේ නම් කරන ලද රෝහල් 28ක ඇඳන් සංඛ්‍යාව 8,895 දක්වා පුළුල් වී ඇති බවද හෙතම වැඩිදුරටත් පවසා සිටියේය.
මීට පෙර ඇඳන් 1,000කින් යුතුව දින 10කින් ඉදිකළ විශේෂ රෝහල මගින් මේ වනවිටත් කොරෝනා වෛරසය පිටුදැකීමේ සෞඛ්‍ය සේවා පහසුකම් සලසමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.