ඇන්ටොනොව් හමුදා යානයක් කඩා වැටී සිව් දෙනෙකු මරුට


කසකස්තානයේ විශාලතම නගරය වන ඇල්මාටි වෙත ගොඩබැසීමට උත්සාහ කරමින් සිටියදී ඇන්ටොනොව්-26 වර්ගයේ හමුදා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

"මූලික දත්තවලට අනුව, පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති බවත්, තුවාල ලැබූ දෙදෙනෙකු ළඟම ඇති රෝහල වෙත යවා ඇති බවත් වාර්තා වෙනවා" එරට හදිසි ආපදා කටයුතු පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මෙම හමුදා ගුවන් යානය නූර්-සුල්තාන් අගනුවර සිට අල්මාටි වෙත ගමන් කරමින් සිටි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

අල්මාටි ගුවන්තොටුපළට ගොඩබෑමේ ප්‍රවේශය අතරතුර ඊයේ (13දා) එරට වේලාවෙන් රාත්‍රී 11: 20ට ගුවන් යානය සමග සන්නිවේදනය නතර වී ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් නිගමනය කර නොමැති බවද පවසයි.

මෙම යානය කසකස්තානයේ දේශසීමා ආරක්ෂක ඒජන්සියට අයත් හමුදා යානයක් බව කියයි.



Recommended Articles